අගෝස්තු පාසල් නිවාඩුව සතියයි; අමාත්‍ය ජී.එල්. පීරිස්

අප්‍රේ 19, 2021

    මෙවර අගෝස්තු මාසයේ පාසල් නිවාඩුව සතියකට පමණක් සීමා කර තිබේ.

    අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය. මේ වසරේ දෙවැනි පාසල් වාරය අද ආරම්භ කෙරිණ. ඒ සෞඛ්‍ය නිර්දේශ අනුවයි. ඒ අනුව, සිසුන් 15ක් සිටින පන්ති සතියේ සෑම දිනකම පැවැත්විය යුතුයි.

    සිසුන් 16ත්, 30ත් අතර සිටින පන්ති, කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් පැවැත්වීමට අවසර දී තිබේ. සිසුන් 30කට වැඩි පන්ති, කණ්ඩායම් 3කට බෙදා සමාන දින සංඛ්‍යාවක් වනසේ පන්ති පැවැත්විය යුතුයි.

    අද දිනයේ පාසල් බොහොමයක, ළමුන්ගේ හා ගුරුවරුන්ගේ පැමිණිම ඉහළ මට්ටමක පැවති බව අප වාර්තාකරු පවසයි. මේ අතර දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල අප්‍රේල් 27 වැනි දින සිට විවෘත කිරීමට ද රජය තීරණය කර තිබේ.

    Latest News