වරාය නගර කෙටුම්පත ගැන, ආගමික නායකයන් දැනුවත් කිරීමට රජය ගෙන ඇති පියවරට, රාමඤ්ඤ මහ නිකායේ මහනායක, හිමියන්ගේ ප්‍රසාදය

අප්‍රේ 19, 2021

    වරාය නගරය පිහිටුවීමට අදාළ කෙටුම්පත පිළිබඳව, ආගමික නායකයන් දැනුවත් කිරීමට රජය ගෙන ඇති පියවරට, රාමඤ්ඤ මහ නිකායේ මහනායක, අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන් ප්‍රසාදය පළ කරයි.

    මේ පිළිබඳ මහ නාහිමියන් දැන්වත් කිරීම, ඊයේ සිදු කෙරිණ. මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් මහ නාහිමියන් බැහැදැක පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැහැදිලි කළේය.

    පනත් කෙටුම්පත පිළිබඳව, ආගමික නායකයන් ඇතුළු ජනතාව දැනුවත් කිරීමට ජනාධිපතිතුමා ගෙන ඇති තීරණය අගය කරන බව ද නාහිමියන් කියා සිටියේය. පනත් කෙටුම්පත මගින්, වරාය නගර භූමිය කිසිසේත් අන්සතු කර නැති බව, අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙහිදි කියා සිටියේය.

    Latest News