සාලියවැව අතුරුදන් දැරිය සොයා මෙහෙයුම්

පෙබ 03, 2019

    පුත්තලම සාලියවැව ප්‍රදේශයේ අතුරුදන් දැරිය කලාඔයට විසි කළ බව ඇගේ මව පාපොච්චාරණය කර තිබේ.

    පොලිසිය අද ඇගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී මේ බව අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. පසුගිය 30 වැනි දින අතුරුදන් වූ සාලියවැව නීලබැම්ම ඕලුමඩු ගම්මානයේ දැරිය සොයා ප්‍රදේශවාසීන් මෙහෙයුම් කළ ද ඇය පිලිබඳ කිසිදු තොරතුරක් අනාවරණය නොවීය.

    වයස අවුරුදු හතර හමාරක් වූ තෙනුරු තිසාරා නමැති දැරියගේ අතුරුදන්වීම පිළිබඳව ද ඇගේ මව සහ මිත්තනිය පරස්පර ප්‍රකාශ කර ඇති බැවින් ඒ පිළිබඳ පරීක්‍ෂණ පුළුල් කිරීමට පොලිසිය පියවර ගත්තේය.

    දැරිය ඝාතනය කර කලාඔයට විසි කළ බවට දැරියගේ 21 හැවිරිදි මව පාපොච්චාරණය කිරීමෙන් පසු නාවික හමුදාවේ හා පොලිසියේ කිමිදුම් කණ්ඩායම් සහ ප්‍රදේශවාසීන් එක්ව එම ස්ථානයේ සෝදිසි මෙහෙයුම් පුළුල් කළ බව පොලිසිය පවසයි.

    Latest News