දිනූ නිදහසේ යන අරමුණු සපුරා ගැනීම සඳහා සමගිව, පෙරට යාමට හැකිවේවායි නිදහස් දින පණිවුඩයෙන් ජනාධිපතිතුමා කියා සිටී. දිනූ නිදහසේ අර්ථය සාක්ෂාත්කර ගැනීමට නව දැක්මකින්, අභිනව ජවයකින් සහ සාමූහිකව කැපවීම සියලුදෙනාගේ ඒකායන අරමුණ විය යුතු බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
අධිරාජ්‍යවාදීන්ගේ නිදහස් ලැබීමෙන් දේශයක්, ජාතියක් ලෙස අප අපේක්ෂා කළේ, සියලු අංශවලින් ඔවුන්ගේ වියගසින් මිදුණු ස්වදේශීය අනන්‍යතාවකින් හෙබි, ආර්ථික, දේශපාලනික හා සමාජ, සංස්කෘතික පෙර ගමනකි. එම නිසා අනාගත අභිවෘද්ධිය උදෙසා අපට අවශ්‍ය වනුයේ ස්වදේශිකත්වයෙන්ම පණ පෙවුණු අධ්‍යාත්මයෙන් යුතු ජනකායකි.