පසුගිය 30 වැනි දින අතුරුදන් වූ සාලියවැව, නීලබැම්ම, ඕලුමඩු ගම්මානයේ දැරිය සොයා ප්රදේශවාසීන් මෙහෙයුම් කළ ද ඇය පිලිබඳ කිසිදු තොරතුරක් අනාවරණය නොවීය.
වයස අවුරුදු හතර හමාරක් වූ තෙනුරු තිසාරා නමැති දැරියගේ අතුරුදන්වීම පිළිබඳව ද ඇගේ මව සහ මිත්තනිය පරස්පර ප්රකාශ කර ඇති බැවින් ඒ පිළිබඳ පරීක්ෂණ පුළුල් කිරීමට පොලිසිය පියවර ගත්තේය.
දැරිය ඝාතනය කර කලාඔයට විසි කළ බවට දැරියගේ 21 හැවිරිදි මව පාපොච්චාරණය කිරීමෙන් පසු නාවික හමුදාවේ හා පොලිසියේ කිමිදුම් කණ්ඩායම් සහ ප්රදේශවාසීන් එක්ව එම ස්ථානයේ සෝදිසි මෙහෙයුම් පුළුල් කිරීමට පොලීසිය ක්රියා කළේය.