රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව හෙට (28) පැවැත්වීමට තිබූ සියළු විභාග කල් දමයි

අප්‍රේ 27, 2021

    රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් හෙට (28) පැවැත්වීමට සැලසුම් කර තිබූ සියළු විභාග කල් දමා තිබේ.

    රාජ්‍ය භාෂා ප්‍රවීණතා වාචික පරීක්‍ෂණ සහ දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන අනෙකුත් සියළු විභාග කල් දමා ඇති බව දෙපාර්තමේන්තුව පවසයි. පසුවඑම විභාග පැවැත්වෙන දිනයන් දැනුම් දෙන බව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන කාර්යාංශයට අයත් අළෙවි කවුළුව හෙට (28) සිට නැවත දැනුම් දෙන තුරු වසා තැබෙන බව එම දෙපාර්තමේන්තුව සදහන් කළේය.

    Latest News