ඔක්සිජන්වල කිසිදු හිඟයක් නැහැ; සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

අප්‍රේ 27, 2021

    කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන්වල කිසිදු හිඟයක් නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

    කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් හිඟයක් ඇති බවටත්, එම නිසා රෝගී ජිවිත දැඩි අනතුරකට පත්ව ඇති බවටත් වාර්තා පළ කොට ඇති පුවත් අසත්‍ය බව ද ඒ මහතා ප්‍රකාශ කළේය. දැනට අප රට තුල මෙඩිකල් ඔක්සිජන් ලබාදෙන කර්මාන්ත ශාලාවලින් ඔක්සින් ලබාදීමේ කිසිදු අඩුවක් නොමැති බව ද දැනට සපයන ප්‍රමාණයට වඩා ඔක්සිජන් සැපයීමට ඔවුන් සතුව හැකියාව තිබෙන බව ප්‍රකාශ කර ඇත.

    වැඩිපුර අපට අවශ්‍ය ඔක්සින් ලබාගනිමින් ජම්බෝ සිලින්ඩර් (විශාල සිලින්ඩර්) කොවිඩ් ප්‍රතිකාර සේවා සපයන රෝහල්වලට සහ ශික්ෂණ රෝහල්වලට ලබාදීමට කටයුතු කරන බව ද ඒ මහතා පැවසීය. දැනට කළුබෝවිල රෝහලේවත්, මුල්ලේරියාව රෝහලේවත් ඔක්සිජන් හිඟයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

    Latest News