ශානි ඇතුළු තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට

මැයි 05, 2021
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු තිදෙනා මැයි 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
    ඒ සැකකරුවන් තුන්දෙනා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළ අවස්ථාවේදී ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතාගේ නියෝග මතයි. හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, ඇඹිලිපිටිය පොලීසියට අනුයුක්තව සේවය කළ හිටපු උප පොලිස් පරීක්ෂක මෝහණ මෙන්ඩිස් සහ විශ්‍රාමික උප පොලිස් පරීක්ෂක නවරත්න ප්‍රේමතිලක යන අය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණේ අසත්‍ය සාක්ෂි නිර්මාණය කළ සිද්ධියට අදාළවයි.

    Latest News