2020 අ.පො.ස උසස් පෙළ දිවයිනේ ප්‍රථමයෝ

මැයි 05, 2021

    2020 අ.පො.ස උසස් පෙළ විභාගයේ කලා අංශයේ දිවයිනේ ප්‍රථමයා බවට පත් වූයේ,දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා පාසලේ චමල්කා සෙව්මිණී ශිෂ්‍යාවයි.

    නම විෂය නිර්දේශය යටතේ ඇය දේශපාලන විද්‍යා,ගෘහ ආර්ථික විද්‍යාව,සංනිවේදනය හා මධ්‍ය අධ්‍යයනය විෂයන් හදාරා තිබිණ.

    අමන්දි ඉමාෂා මදනායක සිසුවිය නව විෂය නිර්දේශය යටතේ වාණිජ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථමයා බවට පත් විය. ඇය ගිණුම්කරණය,ව්‍යාපාර අධ්‍යයනය තොරතුරු හා තාක්ෂණ සංනිවේදන විෂයන් හදාරා තිබිණ. ඇය අධ්‍යාපනය ලැබුවේ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයෙන්.

    2020 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනූව ඉංජිනේරු තාක්ෂණ වේදය විෂයෙන් දිවයිනේ ප්‍රථමයා බවට පත්වූයේ,හොරණ තක්ෂිලා මධ්‍ය මහා විදුහලේ අවිෂ්ක චානුක සිසුවායි.

    2020 අපොස උසස් පෙළ විභාගයේ ගණිත අංශයෙන් දිවයිනේ ප්‍රථමයා බවට පත්වූයේ ධනරාජ් සුන්දර්භවන් සිසුවායි. ඔහු අධ්‍යාපනය ලැබුවේ චාවකච්චේරි හින්දු විදුහලෙන්.

    Latest News