මාකඳුරේ මධූෂ්ට ඩුබායිහීදී පොට වැරඳුන හැටි

පෙබ 05, 2019

    විදේශගතව සිටිමින්, ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ කල්ලි හා මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ, මාකඳුරේ මධූෂ් හෙවත්, මධූෂ් ලක්‍ෂිත නමැත්තා ඩුබාහිහි දී අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහු සමඟ තවත් සංවිධානාත්මක අපරාධකරුවන් කිහිප දෙනෙකු සහ ප්‍රකට ගායකයෙකු ඇතුළු 25 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 
    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ යම් ස්ථානයක සාදයක් පවත්වමින් සිටියදී මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

    සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස නම් දරා සිටින, කෙහෙල්වත්තේ දිනූක සහ කංජිමාන් ඉම්රාන් යන අය ද අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව පැවසේ. තවද ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායකයෙකු හා ඔහුගේ පුත්‍රයා ද එම පිරිස අතර වේ. වැටලීම සිදුවන අවස්ථාවේ එම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සන්තකයේ තිබූ මත්ද්‍රව්‍ය වර්ගයක් ද සොයා ගෙන ඇතැයි වාර්තා විය.

    මාකඳුරේ මධූෂ් නමැත්තා විදේශගත වූයේ දක්‍ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු වූ ඩැනී හිත්තැටිය මහතා 2006 වසරේ දී ඝාතනය කිරීමෙන් පසුවයි. එහි ප්‍රධාන සැකකරු බවට පැවසෙන මාකඳුරේ මධූෂ්, බෝට්ටුවක් මගින් ඉන්දියාවට පළා ගිය බවටයි තොරතුරු ලැබී තිබුණේ.

    ඉන් අනතුරුව විවිධ රටවල රැඳී සිටිමින් ශ්‍රී ලංකාවේ අපරාධ කල්ලි මෙයෙවූ මධූෂ් සංවිධානාත්මක අපරාධකරුවන් වන සමයං, කොස් මල්ලි ඇතුළු ඝාතන රැසක් මෙයෙවනු ලැබීය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතාට වෙඩි තැබීමේ සිද්ධිය ද මොහු විසින් සැලසුම් කරන ලද්දක් බවට හෙළි වී තිබේ.

    එමෙන්ම විදේශ රටවලින් මහා පරිමාණයෙන් හෙරොයින් තොග ශ්‍රී ලංකාවට එවීමේ ජාවරම්කරු බවට ප්‍රකට වූයේ ද මාකඳුරේ මධූෂ් නමැත්තායි. එවැනි ජාවරම් රැසක් ඉකුත් මාස කිහිපය තුළ දී හෙලි කරගැනීමට පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශ සමත්විය. මාස කිහිපයකට පෙර පොලිස් දෙපාර්තමේන්තුව, ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට පත් කෙරුණු අතර, ජනාධිපතිතුමාගේ සෘජු උපදෙස් හා අධීක්‍ෂණය, සංවිධානාත්ක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට ලැබී තිබිණ.

    එතැන් සිට මේ දක්වා කාලසීමාව තුළ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 200 ඉක්මවූ ප්‍රමාණයක් සොයා ගැනුණු අතර, සංවිධානාත්මක අපරාධකරුවන් රැසක් ද අවි ආයුධ සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය. මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන්, විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීම, මත්ද්‍රව්‍ය හා අපරාධ මර්දනයට සෘජු දායකත්වය දුන් පොලිස් නිලධාරීන් විශේෂ ඇගයීමට ලක්කිරීම මෙම කාලසීමා තුළ ගැනුණු ක්‍රියාමාර්ග අතර විශේෂත්වයක් ගනු ලැබීය.

    ඒ අනුව, විවිධ අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම රට තුළ වර්ධනය වෙමින් පවතින බවට චෝදනා එල්ල වෙමින් තිබූ වකවානුව නිමා කරමින්, අද වනවිට ප්‍රබල මෙහෙයුම් ක්‍රියාවට නංවමින්, සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට පොලිසිය වේගවත් ගමනක යෙදී සිටි බව දැන් ප්‍රතක්‍ෂ වී තිබේ.

    Last modified on අඟහරුවාදා, 05 පෙබරවාරි 2019 20:41

    Latest News