නව දේශපාලන පක්‍ෂයක් පිහිටුවන්නේ නෑ; හිටපු ජනාධිපතිනි

පෙබ 05, 2019

    නව දේශපාලන පක්‍ෂයක් පිහිටුවීම සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාර අසත්‍ය බව, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

    ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසු ඇය මේ බව කියා සිටියේය. “අත්තනගල්ල නොනිමි මෙහෙවර“ ව්‍යාපෘතිය යටතේ ස්වයං රැකියාලාභීන් පිරිසකට උපකරණ බෙදාදීම මෙහිදී සිදුවිය.

    එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපතිතුමිය.... “මම අලුත් පක්‍ෂ හදනවලු? මම යු.එන්.පියට යනවලු? ඒක නම් සම්පුර්ණ බොරුවක්. මම අලුත් පක්‍ෂ හදන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉන්නේ. විනාශ කරපු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අපි ගොඩනගනවා මිසක් වෙන කොහෙවත් යන්නේ නැහැ. අලුත් පක්‍ෂ හදන්නෙත් නැතැයි“ හිටපු ජනාධිපතිනිය පැවසුවාය.

    Latest News