එන්නත් වර්ගවල පළමු මාත්‍රාව මෙරට 1154,795කට ලබාදී අවසන්

මැයි 14, 2021

    කොවිඩ්-19ට එරෙහි ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ දැනට ලබාදී ඇති එන්නත් වර්ගවල පළමු මාත්‍රාව ලබාගත් පිරිස එකොළොස් ලක්‍ෂ 54,795ක් බව සෞඛ්‍ය අංශ පවසයි.

    ඊයේ ලබා දී ඇති සයිනොෆාම් පළමු මාත්‍රා හා කොවිෂීල්ඩ් දෙවැනි මාත්‍රා එන්නත් සංඛ්‍යාව 74,225ක්. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 64,260කට ලබාදී තිබේ. ඒ අනුව, එය මෙතෙක් ලබාදී ඇති සමස්ත පිරිස දෙලක්‍ෂ 14,880ක්.

    කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ 9,965කට ලබාදී ඇති අතඑ, එය ලබාගත් සමස්ත පිරිස දෙලක්‍ෂ 41,522ක්.

    Last modified on සිකුරාදා, 14 මැයි 2021 19:22

    Latest News