"අපේ පරිසර පද්ධති සුරකිමු" ලෝක පරිසර දිනය අදයි

ජූනි 05, 2021

    ලෝක පරිසර දිනය අදට යෙදී තිබේ. "අපේ පරිසර පද්ධති සුරකිමු" යන්න මෙවර තේමාවයි.

    පරිසර දිනය නිමිත්තෙන් අද සහ හෙට පරිසරය පිරිසිදු කිරීම කෙරෙහි අවධානය යොමු කරන්නැයි, පරිසර අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී. ඩෙංගු රෝග ව්‍යාප්තිය වැළැක්වීම එහි අරමුණයි. පවතින වැසි හේතුවෙන් ඉදිරි මාස කිහිපයේ ඩෙංගු රෝගය හිස එසවීමේ අවදානමක් මතුවිය හැකි බව සෞඛ්‍ය අංශ පවසයි.

    කොවිඩ් වසංගතය හමුවේ ඩෙංගු රෝගය ද ව්‍යාප්ත වුවහොත්, එය සෞඛ්‍ය අංශයට දරාගත නොහැකි වනු ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. එම නිසා, පවුලේ සියලු දෙනා එක්ව පරිසරය පිරිසිදු කිරීමේ දෙදින වැඩසටහනට එක්වන ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Latest News