'ජනතාවට බෙදාහැරෙන ජලයට දැවි තෙල් මුසුවී නෑ..'

ජූනි 06, 2021

    අඹතලේ ජල පවිත්‍රාගාරයෙන් ජනතාවට බෙදා හැරෙන ජලයට දැවි තෙල් මුසුවී නොමැති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

    මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා කියා සිටියේ, ජලය පරිභෝජනය සම්බන්ධයෙන් ජනතාව අනිසි බියක් ඇති කර නොගත යුතු බවයි.

    හෙයියන්තුඩුව,වලහේන ප්‍රදේශයේ නිවාස කිහිපයක් සහ එම ප්‍රදේශය හරහා වැටී ඇති මාර්ගය මෙම දැවි තෙල් මිශ්‍ර ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.

    සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය,නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක බලකාය හා එක්ව දැවිතෙල් ඉවත් කිරීමේ කටයුතුවල නිරතව සිටියි.

    Last modified on ඉරිදා, 06 ජූනි 2021 13:31

    Latest News