ඝාතනයක් කර වසර 10 ක් සෙල්ලම් දැමුවත් මාට්ටු

පෙබ 07, 2019

    වසර 10 කට පෙර පුත්තලම නගරයේදී පුද්ගලයකුට කටට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු පුත්තලම පොලීසිය අත්අඩංගුවට ගෙන 21 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද ඉදිරිපත් කෙරිණ.

    2009.මැයි 08 වන දින හෝ ඒ ආසන්න දිනයකදී පුත්තලම වාන පාරේ පදංචිව සිටි (21) හැවිරිදි එක් දරු පියකු ගිනි අවියකින් කටටට වෙඩි තබා මරා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස පොලීස් මූලික විමර්ශනවලිදී ආණාවර්ණය වී ඇති මෙම සැකකරු වසර ගණාවක් විදෙස් ගතවී සිට ඇත. සිංගප්පූරුව, කටාර්, සවුදි ආරාබිය වැනි රටවල සැගවී සිට ඇති අතර පසුව අළුත්ගම දර්ගා නගර ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බව පොලිසිය පවසයි. පසුගිය පළාත් පාලන මැතිවර්ණ සමයේ යලිත් පුත්තලමට පැමිණ පොලීසිය අසු නොවී සැගවී සිට තිබේ.

    පසුගිය 05 දා සවස පුත්තලම පොද්ගලික රෝහලකදී ප්‍රතිකාර ලබා ගන්නා අවස්ථාවේ පුත්තලම පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ. වෙඩි තැබීමට පුද්ගලයින් 06 දෙනකු මුහුණු ආවර්ණය කර පැමිණ ඇති අතර එයින් මුහුණ ආවර්ණය නොකර සිටි මෙම ප්‍රධාන සැකකරු පැමිණිලි කරුවන් විසින් හදුනා ගෙන ඇත.

    වෙඩි තැබීමට උපයෝගි කරගත් ඉදිරි බටය කපන ලද බෝර 12 ගිනි අවිය වාන පාරේ වැවට විසි කර ඇති බව සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ සිදු කරන පුත්තලම පොලීසිය පවසයි. මෙම ගින අවිය සොයා අද 07 දහවල් නාවික හමුදා කිමිදුම්කරුවන් වැවේ පරීක්ෂා කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලීසය වැඩිදුර පරීක්ෂණ සිදු කරණු ලබයි.

     

     

     

     

     

     

     

     

    Latest News