මත්ද්‍රව්‍ය වැටලීමේ STF කාර්ය භාරය අගමැතිගෙ ඇගයීමක්

පෙබ 07, 2019

    පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකරන මත්ද්‍රව්‍ය හා ඒ ආශ්‍රිත අපරාධ මැඩලීමේ ක්‍රියාවලිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පැසසුමට ලක්වී තිබේ.

    අග්‍රාමාත්‍යතුමා එම බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා වෙත ලිපියක් යොමු කරමින් මේ බව පැවසීය.
    මත්ද්‍රව්‍ය උවදුර සහ මත්ද්‍රව්‍ය ආශ්‍රිත අපරාධ තුරන් කිරීම සඳහා සිදු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ එම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්වලදී විශේෂ කාර්ය බලකාය අත්කරගත් විශිෂ්ට ජයග්‍රහණ පැසසුම් සහගත බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

    මෙම බලකායේ නිර්භීත ක්‍රියා කලාපය අගය කරන අතර, එවන් කාර්යශූර නිලධාරීන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට සම්පතක්. නොබෝදා සිදු කරන ලද මෙහෙයුම්වලට දායකවූ සියලු දෙනාට තම ප්‍රශංසාව හිමිවන බව අග්‍රාමාත්‍යතුමා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    Last modified on බ්‍රහස්පතින්දා, 07 පෙබරවාරි 2019 20:14

    Latest News