දිස්ත්‍රික්ක කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ජූනි 12, 2021

    බස්නාහිර, සබරගමුව යන පළාත් හා ගාල්ල, මාතර, නුවරඑළිය, මහනුවර යන දිස්ත්‍රික්කවල අද වරින් වර වැසි හෝ ගිගුරුම් සහිතවැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්.

    ඇතැම් ස්ථානවල මිලිමීටර 75ක පමණ තරමක තද වැසි හටගත හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු මැද, වයඹ යන පළාත් සහ හම්බන්තොට හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර 30-40ත් පමණ වන අතර, විටින් විට එය පැයට කිලෝ මීටර 50 පමණ දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං හා අකුණුවලින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

    Latest News