රසායනික පොහොර භාවිතය නිසා ගොවීන්ට වකුගඩු රෝග

ජූනි 13, 2021

    රසායනික පොහොර භාවිතය නිසා වව්නියාව දිස්ත්‍රික්කයේ ගොවීන් සැලකිය යුතු පිරිසක් වකුගඩු රෝගයට ගොදුරු වන බව, අප වාර්තාකරු පවසයි.

    කාබනික පොහොර සාධාරණ මිලකට ලබාදී තම ජිවිත සුරක්‍ෂිත කරන ලෙස ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. වව්නියාව දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම් 102ක පිහිටි ගම්මාන සංඛ්‍යාව 505ක්.

    බහුතරයකගේ ජීවනෝපාය ගොවිතැන. ප්‍රධාන ගොවිතැන වී වගාවයි. ඊට අමතරව එළවළු, පළතුරු සහ ධාන්‍ය වගාව ද සිදු කෙරේ. දිස්ත්‍රික්කයේ ගම්මාන අතරින් බහුතරයකින්ම වකුගඩු රෝගීන් හඳුනාගෙන තිබේ.

    ඒ අනුව, අලගල්ල ග්‍රාම නිලධාරි වසමේ අලුත්ගම ග්‍රාමයෙන් පමණක් හඳුනාගත් වකුගඩු රෝගීන් සංඛ්‍යාව 16ක්.

    Latest News