දිවයිනේ ප්‍රදේශ රැසක එන්නත්කරණය අදත් සාර්ථකයි

ජූනි 14, 2021

    කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ 54 දෙනෙකු ලබා ගෙන තිබේ.

    ස්පුට්නික් වී එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ ලබාගෙන ඇති සංඛ්‍යාව 1,724ක්. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 26,187 දෙනෙකුට ඊයේ ලබාදී ඇති අතර, එහි දෙවැනි මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව 32,732ක්.

    වැඩසටහන ආරම්භයේ සිට මේ දක්වා එන්නත් මාත්‍රා 28 ලක්‍ෂ 30,470ක් ලබා දී තිබේ.

    එන්නත්කරණ වැඩසටහන් දිවයිනේ ප්‍රදේශ රැසක් අදත් සාර්ථකව සිදු කෙරිණ.

    Latest News