පොසොන් සතිය; සති පිරිත් දේශනාව ඓතිහාසික මිහින්තලය රජමහා විහාරස්ථානයේ දී

ජූනි 21, 2021

    පොසොන් සතිය වෙනුවෙන් සංවිධාන කෙරුණු සති පිරිත් දේශනාවක්, ඓතිහාසික මිහින්තලය රජමහා විහාරස්ථානයේ දී ඊයේ ආරම්භ කෙරිණ.

    ඒ, මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්. "ලොව සැම දෙනා සුවපත් වේවා" තේමාව යටතේ, සති පිරිත් දේශනාව සංවිධාන කර තිබේ. පිරිත් දේශනාව සඳහා මහා සංඝරත්නයට ආරාධනා කරනු ලැබුවේ, මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින්.

    පිංකම ලබන 27 දක්වා පිංකම පැවැත්වේ. මිහින්තලා රජමහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවය සහ ආලෝක පූජාව ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ සහභාගිත්වයෙන් නිරෝධායන නීතීන්ට අනුකූලව පැවැත්වීමට නියමිතයි.

    එය ජාතික රූපවාහිනිය ඔස්සේ සජීව ලෙස විකාශය කෙරේ.

    Latest News