සාලියවැව අතුරුදහන් දැරියගේ මවගෙන් රහස්‍ය ප්‍රකාශයක්

පෙබ 08, 2019

    පුත්තලම සාලියවැව නීලබැම්ම ඕලුමඩුවේ අතුරුදන් දැරියගේ මව ලබන 12 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කලේය.

    මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කලේ මිය ගිය දැරියගේ මව වන එච්.එම්. නයනා කුමාරි (21) යන අයයි.

    සිද්ධිය සම්බන්ධව සාලියවැව පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඉකුත් 05 දින බී වාර්තාවක් පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 08 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කලේය.

    සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කිරීම අවශ්‍ය බව මෙම සැකකාරිය අධිකරණයේදී ප්‍රකාශ කර ඇති අතර අද 08 දා සවස පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඉදිරියේ රහසිගතව එම ප්‍රකාශය ලබාදී තිබේ.

    නීලබැම්ම ඕලු මඩුවේ පදිංචිව සිටි සිව් හැවිරිදි දැරියක වන ඩබ්ලිව්.ජී. තෙනුරි තිසාරා දැරිය ඉකුත් 30 දින උදෑසන මෙම සැකකාර මව සමග නිවසේ සිටිය දී අභිරහස් ලෙස අතුරුදන් වී ඇති බවට ලද පැමිණිල්ලක් ලැබි ඇත. ඒ අනුව විමර්ශන හා දැරිය සොයා මෙහෙයුමක් රැසක් සාලියවැව පොලීසිය සිදු කලේය. නමුත් මෙ වන තෙක් දැරිය පිළිබදව කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකිවී ඇත.

    Latest News