මිහින්තලා ආලෝක පූජාව විවෘත කෙරේ

ජූනි 23, 2021

    පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් වාර්ෂිකව සංවිධාන කෙරෙන මිහින්තලා ආලෝක පූජාව අද සවස විවෘත කෙරිණ.

    ඒ, අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ජාතික පොසොන් උත්සවය මිහින්තලා පුද බිමේදී හෙට (24) ආරම්භ කෙරේ. එම පුදබිම පරිශ්‍රයේ සතියක් පුරා විවිධ ආගමික වැඩසටහන් සංවිධාන කර තිබේ.

    සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව ජනතා සහබාගිත්වයෙන් තොරව, මෙවර මිහින්තලා පොසොන් පුණ්‍යෝත්සවය පැවැත්වෙන අතර, ලේක්හවුස් ආයතනය සහ ලංකා විදුලිබල මණ්ඩලය, මිහින්තලා අලෝක පූජාවට දායකත්වය ලබාදෙයි. මිහින්තලය විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් පුණ්‍යෝත්සවය ආරම්භ කෙරිණ.

    ආලෝක පූජාව විවෘත කෙරුනේ, අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතාගේ සහභාගිත්වයෙන්. කෙහෙළිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම, එස්.එම්.චන්ද්‍ර සේන යන අමාත්‍යවරුද, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, ආණ්ඩුකාර මහීපාල හේරත්, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව් දයාරත්න, විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත්, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් අජිත් නාරගල යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

    අලෝක පූජාව, ජාතික රූපවාහිනිය ඔස්සේ සජිව ලෙස විකාශය කෙරිණ. මිහින්තලා පුදබිමේ හෙට (24) පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවය සහ සද්ධර්ම වර්ෂා පොහෝ දින වැඩසටහන් ද ජාතික රූපවාහිනිය ඔස්සේ සජීව ලෙස විකාශය කිරීමට නියමිතයි.

    Latest News