රජය ඉදිරිපත් කළ රු. බි. 200ක පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි

ජූනි 23, 2021

    කොවිඩ් වසංගතය පාලනය සහ අනෙකුත් හදිසි අවශ්‍යතා වෙනුවෙන් රජය ඉදිරිපත් කළ රුපියල් බිලියන 200ක පරිපූරක ඇස්තමේන්තුව අද (23) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

    ඒ, ජන්ද විමසීමකින් තොරවයි. ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේ අදහස් පළ වූ අතර, උණුසුම් තත්වයක් ද හට ගැණින.

    ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් සභා ගර්භයේ විරෝධතාව ආරම්භ කළේ, වාචික පිලිතුරු අපේක්‍ෂාවෙන් ප්‍රශ්න යොමු කරන අවස්ථාවේ. විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින්, ඔවුන් සභා ගැබ මැදට පැමිණ විරෝධතාවයේ නිරතවූහ.

    වාචික පිළිතුරු අපේක්‍ෂා කරන ප්‍රශ්න රැසක් විපක්‍ෂය විසින් ගෙන එනු ලැබුව ද අද එම ප්‍රශ්න විමසීමට ඔවුන් සහභාගි නොවීම විශේෂත්වයක්.

    Latest News