ඒ, ජනතාවට පාලන මිලට සහල් ලබාදීමේ රජයේ වැඩසටහනට අනුවයි. ඒ අනුව නිෂ්පාදනය කෙරුණු ප්‍රථම සහල් තොගය, වැලිසර සතොස ගබඩා සංකීර්ණය වෙත අද රැගෙන එනු ලැබීය.
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද එය නිරීක්‍ෂණයට එක්විය. සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් මගින්, සහල් බවට පත් කෙරුණු වී තොග, පසුගිය කන්නයේ දී මිලදී ගනු ලැබුවේ රජයේ අරමුදල් මගින්.
මේ සමඟම අධික මිල ගණන්වලට සහල් අලෙවි කරන වෙළෙඳුන් සඳහා පනවා තිබූ රුපියල් 2,500ක දඩ මුදල, රුපියල් ලක්‍ෂය දක්වා වැඩි කිරීමට ද ඊයේ කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.