කපූදුව අන්තර් හුවමාරුව ජනසතු කෙරේ

ජූලි 02, 2021

    සමුද්‍ර පහසුකම් සැපයුම් මධ්‍යස්ථානයේ වැඩ ආරම්භ කිරීම සහ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව අන්තර් හුවමාරුව හා පේරාදෙණිය යටිබිම් මාර්ගය විවෘත කිරීම අද උදේ සිදු කෙරිණ. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

    ජනාධිපතිතුමාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම සංකල්පයට අනූව, ව්‍යාපෘති ක්‍රියාත්මකයි. 'තදබදයට තිතක් - සුවපහසුවට ඉඩක්' යන්න ව්‍යාපෘති ත්‍රිත්වයේ තේමාවයි. සමුද්‍ර පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානය සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 4,999ක්. දෙවසරකින් එහි වැඩ නිම කිරීමට අපේක්ෂිතයි.

    කපුදූව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 445ක්. රුපියල් මිලියන 127ක වියදමින් පේරාදෙණිය රෝහල ඉදිරිපිට උමං මාර්ගය ඉදිකොට තිබේ. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා යන මහත්වරුන් ඇතුළු පිරිසක් අරලියගහ මන්දිරයේ දී පැවති උත්සවයට එක්ව සිටියහ.

    Latest News