දිවයිනේ බොහෝ ප්‍රදේශවල කාබනික පොහොර නිෂ්පාදනය සහ භාවිතය ඇරඹේ

ජූලි 03, 2021

    දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි මේ වනවිට කාබනික පොහොර නිෂ්පාදනය සහ භාවිතය දැකගත හැක.

    මහවැලි කලාප ගොවිබිම් ආශ්‍රිත කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන ද ඊයේ නිල වශයෙන් ආරම්භ කෙරිණ. මහවැලි එල් කලාපයේ කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන, වැලිඔය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරිණ.

    ඒ රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන්. මහවැලි කලාප කුඹුරු ඉඩම් සඳහා මෙට්‍රික් ටොන් ලක්‍ෂ 14ක පොහොර අවශ්‍යතාව මෙමගින් සම්පූර්ණ කිරීමට අපේක්‍ෂිතයි.

    මහවැලි කලාප 10 ආවරණය වන පරිදි කලාප මට්ටමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. මහවැලි එල් කලාපයට අයත් කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථානය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව හා සිවිල් ආරක්‍ෂක බලකායේ සහය හිමිවේ.

    Latest News