ඒ අනුව රජයේ එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීම සඳහා සහය වෙමින් නාවික හමුදා මූලස්ථාන රෝහල මගින් කොළඹ චෛත්‍ය පාරේ ප්‍රදීපාගාර පරිශ්‍රයේදී සහ වැලිසර නාවික මහරෝහල මඟින් රාගම, ඇලපිටිවෙල චන්ද්‍රවංශ විද්‍යාලයේදී වයස අවුරුදු 30 ට වැඩි බස්නාහිර පළාත තුළ පදිංචි පුද්ගලයින් සඳහා “සයිනොෆාම්” (Sinopharm) එන්නතෙහි පළමු මාත්‍රාව මෙන්ම පළමු මාත්‍රාව ලබා ගත් ජනතාව වෙත එහි දෙවන මාත්‍රාව ලබා දීම ද සිදු කෙරේ.
අද (05) සිට ඉදිරියට උදෑසන 08.30 පැයේ සිට සවස 04.30 පැය දක්වා කාලසීමාව තුළ මෙම එන්නත්කරණ වැඩසටහන පැවැත්වෙන අතර, බස්නාහිර පළාතේ වෙසෙන වයස අවුරුදු 30ට වැඩි රජයේ සහ පෞද්ගලික අංශයන්හි සේවකයින් ඇතුළු මහජනතාව වෙත මෙම එන්නත්කරණ වැඩසටහන යටතේ “සයිනොෆාම්” (Sinopharm) එන්නත් ලබා ගැනීමේ හැකියාව ඇත.
තවද, කොව්ඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්වෙන මෙම එන්නත්කරණ වැඩසටහන සඳහා ජනතාව ඉතා උනන්දුවෙන් සහභාගී වී සිටින ලද අතර, මෙම එන්නත්කරණ වැඩසටහන සඳහා ඉදිරියටත් අවශ්‍ය සහය ලබාදීමට නාවික හමුදාව සූදානමින් සිටී.