මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත්ව විමර්ශන සිදුකර සවිස්තරාත්මක කරුණු ද සමග සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මෙහිදී මහේස්ත්‍රාත්වරිය පොලීසියට දැනුම් දුන්නාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ අදාළ දැරියගේ මව රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස ද මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කළාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තැරැව්කරුවකු සහ චීවරධාරියෙකු ඇප මත මුදා හරින ලද අවස්ථාවේදී ඔවුන් පොලීසියට වාර්තා කල යුතු බවට ඇප කොන්දේසියක් පනවා නොමැති බව මෙහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයේ අවධානයට යොමු කර සිටියේය.
එහිදී මහේස්ත්‍රාත්වරිය විමර්ශන නිලධාරීන්ට පෙන්වා දුන්නේ එම ඉල්ලීම අදාළ සැකකරුවන් ඉදිරිපත් කළ අවස්ථාවේදී සිදු කළ යුතුව තිබු බවයි.
ඇප මත මුදා හරින ලද එම සැකකරුවන් යළි කැඳවා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තම අධිකරණයට බලයක් නොමැති බවත් මෙහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.
ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් දැනට ඇප මත මුදා හැර සිටින චීවරධාරියා දස වතාවක් පමණ කේවල් කර දැරියට ගෙවිය යුතු මුදල රුපියල් 18000/- සිට 13000/- දක්වා අඩුකර ගෙන ඇති බව පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති බව සඳහන් කළාය.
එම සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැර තිබීම හේතුවෙන් වින්දිත දැරිය දැඩි භීතියකට පත්ව සිටින බව සදහන් කළ විමර්ශන නිලධාරීන් ඇය රඳවා සිටින ස්ථානයට නිසි ආරක්ෂාව සපයන ලෙස රාගම පොලීසියට දැනුම් දී තිබෙන බවත් අධිකරණය හමුවේ සඳහන් කළාය.
එම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා සහ තවත් කෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනෙකු එම අපරාධය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරිය හමුවේ රහස් ප්‍රකාශයක් සිදුකිරීමට අවශ්‍ය බව දැනුම් දී තිබූ හෙයින් එම සැකකරුවන් තුන්දෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් ආවරණය කර අද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණ.
මෙහි දී මහේස්ත්‍රාත්වරිය එම සැකකරුවන්ට දැනුම් දුන්නේ තමා ඉදිරියේ සිදුකරනු ලබන ප්‍රකාශය ඉදිරි නඩු විභාගයක දී සැකකරුවන්ට එරෙහිව සාක්ෂියක් වශයෙන් භාවිත කිරීමට නීතියෙන් හැකියාව පවතින බවයි.
එබැවින් මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීමට පෙර හොඳින් සිතා බලා ඒ පිළිබඳව ලබන 09 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස අදාළ සැකකරුවන්ට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය එදින මෙම සැකකරුවන් තිදෙනා හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළාය.