ගත වූ දිනයේ වැඩිම ආසාදිතයින් ගාල්ලෙන්

ජූලි 12, 2021

    ගතවු දිනයේ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

    එම දිස්ත්‍රික්කයෙන් ඊයේ (11) දිනයේ කොවිඩ් -19 ආසාදිතයින් 239 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් 51 දෙනෙකු බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.

    හික්කඩුව සහ බලපිටිය ප්‍රදේශවලින් ආසාදිතයින් 34 දෙනා බැගින් හඳුනාගෙන තිබේ.

    ගම්පහ දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 211 දෙනෙකු, කොළඹ දිස්ත්‍රික්කයෙන් 142 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන් 128 දෙනෙකු සහ යාපනය දිස්ත්‍රික්කයෙන් 122 දෙනෙකු ලෙස දිවයිනේ දිස්ත්‍රික්ක 5කින් ඊයේ ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වී ඇත.

    මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 274,538ක් වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 3502ක් වේ.

    Latest News