කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා ඊයේ (16) සඳහන් කළේ, ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත 11 දෙනෙකු කොළඹ නගර සීමාවෙන් මේ වනවිට හඳුනාගෙන ඇති බවයි.
ඒ අනූව කොළඹ 01 සිට 14 දක්වා ප්‍රදේශවලට එහි බලපෑම එල්ල වී ඇති අතර ඉන් වැඩිම අවදානමක් ඇත්තේ කොළඹ 01, 02, 03, 05, 09 හා 14 යන ප්රදේශවලටයි. ඒ අතරින් දෙමටගොඩ, කොම්පඤ්ඤවීදිය හා බොරැල්ල යන ප්‍රදේශ ප්‍රධාන වෙයි.
ඛෙත්තාරාම ප්‍රදේශයේ ඉදිකිරිම් වැඩබිමකින් ද ඩෙල්ටා ආසාදිතයින් 05 දෙනෙකු ඊයේ වාර්තා වී තිබේ. දෙමටගොඩ ප්‍රදේශයෙන් දෙදෙනෙක් සහ කොළඹ ප්‍රදේශයෙන් තවත් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් දෙදෙනෙකු ද හමුව ඇත.
ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් මේ වනවිට නිරෝධායනයට ලක් කර එම වෛරසය පැතිරයෑම වැළැක්වීම සඳහා අවශ්‍යකරන සියලුම කටයුතු සිදුකරලා තිබෙන බවත් වෛද්‍ය රුවන් විජේමුණි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.