කෙරවලපිටියේ කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර

ජූලි 23, 2021

    කෙරවලපිටිය කසළ අංගනයේ කාබනික පොහොර නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා.

    ඒ අනුව දිනකට නිෂ්පාදනය කෙරෙන කොම්පෝස්ට් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 15 සිට මෙට්‍රික් ටොන් 50 දක්වා වැඩි කෙරෙනවා. වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුවයි.

    කෙරවලපිටිය කසළ අංගනය ආරම්භ කෙරුනේ රුපියල් මිලියන 550 ක ආයෝජනයකින්. එහි මේ වන විට කාබනික පොහොර නිෂ්පාදනය මහා පරිමාණ ලෙස සිදු කෙරෙමින් පවතිනවා. මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීමෙන් පසු 2017 වසරේ අප්‍රේල් මස මෙය ආරම්භ කෙරුණු අතර අක්කර 20 ක භූමි ප්‍රදේශයක් කසළ අංගනයට ඇතුළත්. තවත් රුපියල් බිලියන 850ක ආයෝජනයෙන් මෙම ස්ථානය වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කටයුතු කරමින් සිටිනවා. රසායනික පොහොර නිෂ්පාදන සමාගමක් වන කොමර්ෂල් පොහොර සමාගම ද මෙම අංගනය කොම්පෝස්ට් පොහොර මෙට්‍රික් ටොන් 4000ක් ඇනවුම් කර තිබෙනවා. පොහොර නිෂ්පාදන ධාරිතාව වැඩි කෙරෙන්නේ එවැනි ඉහළ ඉල්ලුමට අදාල සැපයුම් සිදුකිරීම සඳහා බව වාර්තා වනවා.

    Latest News