ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ 151 ක්

ජූලි 26, 2021

    ගත වූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 151 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.



    නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 52,154ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් ගමන් කිරීමට පැමිණි සියයකට අධික පිරිසක් ඊයේ දිනයේදී ද නැවත හරවා යැවීමට කටයුතු කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    Latest News