ඩෙල්ටා ප්‍රභේදයේ ශීඝ්‍ර වර්ධනය නිසා රටවල් රැසක් දැඩි අවදානමක;W.H.O.

අගෝ 01, 2021

    ඇතැම් වෘත්තිය සමිති කොවිඩ් ව්‍යාප්ත කිරීමේ පටු කුමන්ත්‍රණයක නිරතව සිටින බව, දේශප්‍රේමි එක්සත් ජාතික පක්‍ෂය පෙන්වා දෙයි.

    මෙම කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහා ප්‍රගතිශීලි ජනතාව පෙළ ගැසිය යුතු බවයි, ඔවුන් පවසන්නේ. ඩෙල්ටා ප්‍රභේදයේ ශීඝ්‍ර වර්ධනය හේතුවෙන් රටවල් රැසක් දැඩි අවදානමකට ලක්ව ඇතැයි, ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

    මෙවැනි අවදානමක් පවතිද්දී ඇතැම් වෘත්තිය සමිති සිදු කරන උද්ඝෝෂණ කොවිඩ් පැතිරීම වර්ධනයට ඉවහල් විය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

    නිරෝධායන නීති අනුව ජනතාව එක්රැස්වීම් තහනම් වුවද, එම වෘත්තිය සමිති සේවකයින් එක් රැස් කරමින් ඔවුන්ගේ ජිවිත දැඩි අවදානමකට ලක්කර තිබේ.

    කොවිඩ් වැළැක්වීම සඳහා ලබාදෙන එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාගත් ගුරුවරුන් මෙසේ උද්ඝෝෂණ සඳහා සහභාගිවීම ඔවුන්ගේ ජිවිත අවදානමකට ලක් කිරීමක් මෙන්ම, එන්නත්කරණ වැඩසටහනට බාධා වන පරිදි ක්‍රියා කිරීමක් බව සෞඛ්‍ය අංශ පවසයි.

    කොවිඩ් රෝගයෙන් ආරක්‍ෂාවීමට එන්නත් දෙකම ලබාගැනීම සිදු කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබියදීත්, මෙවැනි උද්ඝෝෂණ මගින් කොවිඩ් ව්‍යාප්තිය ශීඝ්‍ර ලෙස වර්ධනය විය හැකි බව, දේශප්‍රේමි එක්සත් ජාතික පක්‍ෂය පවසයි.

    Latest News