කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමේ තවත් පියවරක් ලෙස මේ තීරණය ගෙන තිබේ. එමෙන්ම අද මධ්‍යම රාත්‍රී සිට ජනයා ඒකරාශීවන කිසිඳු අවස්ථාවකට ද අවසර නොලැබෙයි.
අවන්හල්වල වරකට රැස්ව සිටිය හැක්කේ ඒවායේ ධාරිතාවෙන් 50%කට නොවැඩි පිරිසකට පමණයි. එසේ වුවද ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමෙන් හැකිතාක් දුරට වළකින්නැයි රජය ඉල්ලා සිටින බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.