යම් විවාහයක් ලියාපදිංචි කර ගැනීමට අවශ්‍ය නම් ඒ සදහා බාධාවක් නොමැති අතර ඒ අනූව නිවසක හෝ යම් ස්ථානයකදී විවාහයක් ලියාපදිංචි කර ගැනීමට අවස්ථාව හිමි වෙයි.
ඒ සදහා මනාල යුවල, දෙපාර්ශවයේ මව්පියන්, රෙජිස්ට්‍රාර්වරයා සහ සාක්ෂිකරුවන් දෙදෙනාට සහභාගිවීමට හැකියාව පවතියි.
ඒ හැරුණුවිට වෙනත් කිසිදු අයෙකුට ඊට සහභාගිවීමට අවස්ථාව හිමි නොවන බවයි, පොලීසිය පවසන්නේ.