ධීවර ගම්මානවල ජනතාවට සහන සලසන්නැයි අගමැතිගෙන් උපදෙස්

අගෝ 17, 2021

    ධීවර ගම්මානවල වෙසෙන ජනතාවට සහන සලසන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා උපදෙස් දී තිබේ.

    ඒ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සමග ඊයේ පැවති සාකච්ජවකදී.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ධීවර අමාත්‍යවරයාව සිටි සමයේ එතුමාගේ සංකල්පයක් ලෙස ආරම්භ කළ ධීවර ගම්මාන වැඩි දියුණු කිරීම සඳහායි මෙහිදී උපදෙස් ලබාදී ඇත්තේ.

    එම කාලය තුළ දිවයින පුරා ඇති මුහුදුබඩ ප්‍රදේශ හා වැව් ආශ්‍රිතව ධීවර ගම්මාන 60කට වැඩි ප්‍රමාණයක් ඉදි කර තිබේ.

    එම ධීවර ගම්මාන වැඩිදියුණු කිරීම සංවර්ධනය කිරීම,නඩත්තු කිරීම හා එම ගම්මානවල ජීවත් වන ජනතාවට සහන සැලසීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු බවයි අග්‍රාමාත්‍යතුමා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ. ඒ සඳහා 2022 අයවැයට ඉදිරිපත් කිරීමට යෝජනාවක් සකස් කරන ලෙස ද උපදෙස් ලබාදී තිබේ.

    ධීවර ගම්මානය ආශ්‍රිතව නව නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා කටයුතු කරන ලෙසයි අග්‍රාමාත්‍යතුමා අමාත්‍යවරයාට දැනුම් දි ඇත්තේ.

    Latest News