ඒ අනුව SA 222V, SA 701S සහ SA 1078S යන ජාන කේතයන්ගේ වෙනසක් මෙරට ඩෙල්ටා ප්‍රභේදය තුළින් දැකිය හැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
පැවති ප්රභේදයන්ට වඩා ඩෙල්ටා ප්‍රභේදය සියයට 60 – 70ත් අතර වේගයකින් පැතිර යන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
රෝගය පැතිරයාම වැළැක්වීම සහ රෝගයෙන් මියයන ප්‍රමාණය අවම කිරීම සඳහා එන්නත්කරණය වේගවත් කිරීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඒ අනූව, මෙරට ජනගහනයෙන් ලක්ෂ 119කට (54%) කුමන හෝ එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබා දී ඇති බවත් එම පිරිසෙන් ලක්ෂ 46කට දෙවැනි මාත්‍රාව ද ලබා දී ඇති බවත් අමාත්‍යවරයා පවසයි.