මසකට වැඩිය තෙල් තියෙනවා; සභාපති

අගෝ 20, 2021

    මසකට වැඩි කාලයකට ප්‍රමාණවත් ඉන්ධන ලංකා ඛණිජ තෙල් සංස්ථාව සතු බව එහි සභාපති නීතීඥ සුමිත් විජේසිංහ මහතා පවසයි.

    ඔහු කියා සිටියේ,  පාරිභෝගිකයන් ඉන්ධන හිඟයක් ඇතිවේයැයි අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැති බවයි. ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති නියෝජිතයෙකු යැයි කියාගන්න ආනන්ද පාලිත මහතා ඊයේ මාධ්‍ය හමුවකදී කියා සිටියේ,  ගබඩාවල,  ඉන්ධන පවතින්නේ දින 11 කට පමණක් බවයි.

    මෙම පුද්ගලයා ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ විශ්‍රාමික සේවකයෙකු බවයි එහි වෘත්තීය සමිති පවසන්නේ. ඔහුගේ ප්‍රකාශයත් සමග, අද බොහෝ ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුනි.

    Latest News