එන්නත් සම්පූර්ණ කළ කොවිඩ් රෝගියෙකුගෙන්, වෛරසය ව්‍යාප්තවීමේ හැකියාව 65% කින් අඩුයි; වෛද්‍ය ජීවන්දර

අගෝ 20, 2021

    එන්නත්කරණය සම්පූර්ණ කළ කොවිඩ් 19 රෝගය වැළඳුණු පුද්ගලයෙකුගේ වෛරසය ව්‍යාප්ත වීමේ හැකියාව 65% කින් අඩු බව වාර්තා වී ඇතැයි,  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා,  ප්‍රතිශක්ති විද්‍යා,  ශෛල්‍ය ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

    ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා, ශෛල්‍ය ජෛව විද්‍යා ආයතනය ජාන විශ්ලේෂණ පර්යේෂණ වාර්තාව සඳහා සාම්පල 88 ක් යොදාගෙන ඇත. වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ ඉන් සාම්පල 84ක්ම ඩෙල්ටා ප්‍රභේදය ආශ්‍රිත ජාන විශ්ලේෂණ වාර්තා ලෙස හඳුනාගැණුනු බවයි.

    කොළඹ නගරය, මාළඹේ, මහරගම ආදී ප්‍රදේශ, වව්නියාව,  රත්නපුර,  ගම්පහ,  මාතලේ,  මහනුවර,  නුවරඑළිය ආදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මොවුන් හඳුනාගෙන තිබේ. මීට පෙර හඳුනාගත් ඩෙල්ටා ප්‍රභේදයේ ජාන විකෘතිතා තුනම සහිත ඩෙල්ටා ප්‍රභේදයක් ලොව ප්‍රථම වරට මෙරටින් හඳුනාගත් බව වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා කියා සිටියේය.

    Latest News