පිටපළාත්වල බේකරි නිෂ්පාදන මිල වැඩි නොකිරිමට තීරණයක්

අගෝ 23, 2021

    බේකරි නිෂ්පාදන මිල ගණන් වැඩි නොකිරිමට පිටපළාත් බේකරි හිමියන්ගේ සංගමය තීරණය කරයි.

    බේකරි නිෂ්පාදන මිල වැඩිකිරිමකින් තොරව තිබු මිලටම අලෙවි කිරිමට තමන් සුදානම් බව පිටපලාත් බේකරි හිමියන්ගේ සංගමය කියයි. ජනතාව අපහසුතාවට පත්ව ඇති මේ මොහොතේ බේකරි නිෂ්පාදනවල මිල වැඩිකිරිමෙන් වැලකී සිටින්නැයි සෑම බේකරි හිමියෙකුගෙන්ම ඉල්ලා සිටින බව එම සංගමයේ කැදවුම්කරු ගාමිණි කන්දෙගෙදර මහතා පවසයි.

    අමුද්‍රව්‍ය මිල ඉහල ගොස් තිබේ. මේ නිසා මිල වැඩිකිරිමක් අවශ්‍යය. එහෙත් ජනතාවට සහ රජයට සහයෝගයක් ලෙස මෙම තීරණය ගත් බව ඔහු සදහන් කරයි. බේකරි නිෂ්පාදනවල මිල හෙට සිට ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය පසුගිය දා නිවේදනය කළේ ය.

    Latest News