මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි

අගෝ 24, 2021

    කොව්ඩ් 19 ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අමාත්‍ය මංගල සමරවීර මහතා අද උදේ අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 65ක්.

    1983 වසරේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මාතර මැතිවරණ බල ප්‍රදේශය නියෝජනය කරමින් දේශපාලනයට පිවිසි සමරවීර මහතා, 1994 වසරේ සිට ජනමාධ්‍ය අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ රැසක් බාරව ක්‍රියා කළේය. 1989 වසරේ පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසි ඔහු 2020 වන තෙක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළේය.
    2009 වසරේ දී එක්සත් ජාතික පක්ෂය සමග ඒකාබද්ධව නව දේශපාලන සංධානයක් බිහි කළ සමරවීර මහතා පසුගිය යහපාලන රජයේ ද විදේශ කටයුතු හා මුදල් අමාත්‍ය ධුර දැරීය.
    මංගල සමරවීර මහතා දේශපාලන ක්‍රියාකාරකම්වල දී පෙරළිකාර චරිතයක් ලෙසයි හැදින් වෙන්නේ.

    Last modified on අඟහරුවාදා, 24 අගෝස්තු 2021 12:19

    Latest News