පාස්කු ප්‍රහාරයේ පරීක්‍ෂණ කිසිදු බලපෑමකින් තොරව, තමන්ගේ සෘජු අධීක්‍ෂණය යටතේ; පොලිස්පති

අගෝ 25, 2021

    පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්‍ෂණ කිසිදු බලපෑමකින් තොරව, තමන්ගේ සෘජු අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පවසයි.

    පාස්කු ප්‍රහාරය දීර්ඝ කාලයක් සංවිධානය වී සිදුකරන ලද්දක් බවත්, එහි පරීක්‍ෂණ ඉතා සංකීර්ණ බවත් පොලිස්පතිවරයා කියා සිටී. ඊට අදාළව මේ වනවිට පිටු පනස් දෙදහසක වාර්තා ඉදිරිපත් වී තිබීම උදාහරණයක්. විවිධ පිරිස් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ කරන ප්‍රකාශ ද විමර්ශනවලට ලක්කර ඇති අතර, එවැනි ප්‍රකාශ බොහොමයක් හුදු අදහස් දැක්වීමක් පමණක් බව පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇති බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (25) කියා සිටියේය.

    Latest News