මේ මස තුළ අවුරුදු 60ට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නත

අගෝ 25, 2021

    මේ මස ඇතුළත වයස අවුරුදු 60ට වැඩි සියලු දෙනාට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමට රජය පියවර ගෙන තිබේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, 1906 දුරකතන අංකය අමතා ලියාපදිංචි වී, නොපමාව එන්නත් ලබා ගන්නා ලෙසයි. වයස අවුරුදු 60ට වැඩි සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට නිවෙස් වෙතම ගොස් එන්නත් ලබාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මකයි.

    ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් ද ඒ සඳහා ජංගම රන්නත් කරණ රථ යෙදවා තිබේ. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථ යෙදවීමට යුද හමුදාව පියවර ගෙන තිබිණ.

    Latest News