එන්නත්කරණය පිළිබඳ Fact Research කණ්ඩායම සමාජ මාධ්‍යයට තැබූ සටහනක්

අගෝ 29, 2021

    එන්නත්කරණය අසාර්ථක කිරීම සදහා විවිධ පුද්ගලයන් විසින් විවිධ උපක්‍රම භාවිත කරන ආකාරය වර්තමානයේ සුලභව දක්නට ලැබෙන දෙයක් වන අතර එක් පිරිසක් විසින් එන්නත් වල ඇති අතුරු අබාධ පිළිබද ව්‍යාජ පුවත් සමාජයට මුදා හරිනු ලබයි.

     

    තවත් පිරිසක් විසින් සෞඛ්‍ය සේවා කරනු ලබන සේවය අවතක්සේරු කරනු ලබයි. මේ අතර එන්නත් ලබා නොදී සෞඛ්‍ය අංශ විසින් පැන ගිය පුවතක සත්‍ය අසත්‍යතාවය සෙවීම සදහා Fact Research කණ්ඩායම තීරණය කරන ලදී. සමාජ මාධ්‍ය සටහන් තබමින් මහේෂ් ප්‍රසන්න නැමති පුද්ගලෙයකු විසින් අද දින අන්තර්ජාලය වෙත වීඩියෝවක් නිකුත් කරමින් මෙලෙස පැවසිය.

    බෙහෙත් සංඛ්‍යාවක් ඉතුරු කර ගෙන බෙහෙත විදින්නේ නැතුව මාරු වෙලා යන හැටි බලන්න. රත්ගම MOH , හික්කඩුව MOH කියල වෙනසක් නැනේ. ගහන්නම් කියල ගහන්නේ නැතුව යනවා. මිනිස්සු මැරෙනකන් ද බලන් ඉන්නේ. සුව විරුවෝ කියන්නේ මුන්ට ද ? ගරු නම්බු දෙන්නේ මුන්ට ද? සක්කිලි වැඩ කරන්න එපා. මේ card අද mark කරලා තියනවා. අපිට මේ බෙහෙත් විදින්නේ නැතුව මුන් විකුනනවා. අපිට දැන් වෙන තැනකින් බෙහෙත් ගහන්නත් බෑ. තොරතුරු විමර්ශනය (Fact Check )

    අප මේ පිළිබද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් චන්දිම සිරිතුංග මහතාගෙන් විමසීමක් කරන ලදී. අප සිකුරාදා දින සැලසුම් කරන ලද්දේ හික්කඩුව සෞඛ්‍ය සේවා කාර්යාලයට අයත් ග්‍රාම සේවා වසම් 4 ක එන්නත්කරණය කිරීමට. එහිදී අවශ්‍යකරන එන්නත් ප්‍රමාණය හික්කඩුව MOH කාර්යාලය වෙත නිකුත් කරා. ජූලි මස 25 වන දින අදාල එන්නත එම පාසලේදීම ලබා ගත් අයට ප්‍රමුඛතාවය ලබා දුන්නේ. ග්‍රාම නිලධාරී මහත්වරුන් සමග සුහදව සෞඛ්‍ය අංශ නිසි ලෙස සැලසුම් කරලා සාර්ථකව ක්‍රියාත්මක වුණා. නමුත් එතනට එම ග්‍රාම නිලධාරී වසම් වලට අදාල නොවන පිරිස් ඇවිත් තිබෙනවා. එක් කණ්ඩායමක් තමයි ධීවරයන්. ඔවුන් මුහුදේ සිටිය නිසා එන්නත ලබා ගැනීමට නොහැකි බවදැනුම් දීල තියනවා. අනිත් අය තමයි එදින එන්නත් ලබා දෙනවා කියල යන ආරංචිය අනුව පැමිණි පිරිසක්. මෙහිදී අදාළ ග්‍රාම නිලධාරී වසම් වල පිරිස නොවේ, අනිත් පිරිස් 2 අතර කලහකාරී තත්වයක් ඇති වෙලා තියනවා.

    එහිදී අදාල නිලධාරීන් සුහදව ඔවුනට දැනුම් දීල තිබෙනවා අද දින සැලසුම් කරන ලද එන්නත්කරන පිරිස අවසන් වූ පසු එන්නත් ඉතුරු වුනොත් ඔවුනට MOH බල ප්‍රදේශය අදාල නොකර ඔවුනට එන්නත ලබා දෙන්නම් කියලා. නමුත් ඔවුන් කලහකාරී ලෙස තර්ජනය කරමින් සෞඛ්‍ය නිලධාරීන්ට බලපෑම් කර තිබෙනවා.

    එම තත්වය පාලනය කර ගැනීමට නොහැකි නිසා, එතන ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීනට අමතරව යුධ හමුදා සාමාජිකයින් ආරක්ෂාව වෙත පැමිණ තිබෙනවා.සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, ආරක්ෂක අංශ එම ස්ථානයෙන් අදාල සේවකයින් ආරක්ෂිතව පිට කර තිබෙනවා.

    මෙහිදී මම කරුණු 2 ක් සදහන් කරන්න අවශ්‍ය වනවා. එන්නත් card සලකුණු කරා කියන එක. එය අසත්‍ය ප්‍රකාශයක්. card එක ලකුණු කරන්නේ එන්නත ලබා දෙන මොහොතේ. card ලකුණු කර එන්නත නොදී ඉන්නේ නෑ. එහෙම card පත ලකුණු කර එන්නත ලබා නොදෙන එක අවස්ථාවක් පමණයි තිබෙන්නේ. අසාත්මිකතා ඇත්නම් හෝ යම් සාධාරණ හේතුවක් නම් card පත තනි ඉරකින් කපා දමා අත්සන් කරනවා. එහෙම කරන්නේ නැවත එන්නත ලබා ගැනීමට නොහැකි වන නිසා.

    තව කරුණක් තමයි එන්නත් රැගෙන ගියා යන එක. එයත් අසත්‍ය ප්‍රකාශයක්. එන්නත්කරන අවස්ථාවකට අවශ්‍ය වෛද්‍ය උපකරණ, එන්නත් තොග රැගෙන යන බහලුම්, අපද්‍රව්‍ය ආදිය නැවත රැගෙන ඇවිත්, කසල නිවැරදි ලෙස බැහැර කරනවා. එන්නත් ඉතුරු වන්නේ පළමු මාත්‍රාව ලබා ගෙන දෙවැනි මාත්‍රාව ලබා නොගන්න ප්‍රමාණය විතරයි.

    අනිත් එක සෞඛ්‍ය සේවකයන් මේ කර්තව්‍ය කරන්නේ ගොඩක් කැපවීමෙන්. අවුරුද්දකට වඩා වැඩි කාලයක් තමන්ගේ පවුලේ අය අමතක කරලා මහජනයා වෙනුවෙන් අවධානමක් අර ගෙන සේවය කරන පිරිසක්. ඔවුන්ව අපහසුතයට පත් කරන්න එන්නත් විකුනවා වගේ කතා පැවසීමෙන් ඔවුන්ගේ මානසික මට්ටම කඩා වැටෙනවා. මම කාරුණිකව සියලු දෙනාටම පවසන්නේ ඔබගේ ග්‍රාම නිලධාරී වසමට අදාලව එන්නත නිසි පරිදි ලැබෙනවා කියලා අප මේ පිලිබදව එදින එන්නත්කරණය කිරීම සැලසුම් කරන ලද ග්‍රාම නිලධාරී ලියනගේ මහතාගෙන් විමසීමක් කරන ලදී.

    හික්කඩුව රෝහණ විද්‍යාලයේ අප සැලසුම් කරලා තිබුනේ නගර සභා සිමාවේ තියන ග්‍රාම නිලධාරී වසම් 4කට එන්නත්කරණය ලබා දෙන්න. දොඩන්දුව, මෝදර පටුවත, දොඩන්දුගොඩ, උඩුගල්පිටිය කියන වසම් 4. මේ වීඩියෝව නිකුත් කළ පුද්ගලයා එම වසම් 4 නොවන බව සහතික කරන්න පුළුවන්. කිසිම අවස්ථාවක එන්නත් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම වැනි සිදු වීම් සිදු උනෙත් නෑ. අදාල වසම් 4 පදිංචි පුද්ගලයන්ගෙන් කිසිම පැමිණිල්ලක් මේ වෙනකන් ලැබිල නෑ . හැමෝම මේ එන්නත්කරණය ගැන පැසසුම් කරා මිසක් බැන්නේ නෑ කියන එක වගකීමෙන් කියන්න පුළුවන්.

    මේ වීඩියෝව කරන ලද පුද්ගලයා රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයට අයත් දේවෙනිගම ග්‍රාම නිලධාරී වසමේ පදිංචි පුද්ගලෙයකු වන අතර, මොහු පළමු එන්නත කොළඹ ප්‍රදේශයෙන් ලබා ගෙන ඇති බවත්, 2018 වර්ෂයේ එක්සත් ජාතික පක්ෂයෙන් රත්ගම ප්‍රාදේශීය සභාව මැතිවරණය සදහා ඉදිරිපත් වී ඇති අතර වර්තමානයේ සමගි ජන බලවේග ක්‍රියාකාරියෙකු ලෙස කටයුතු කරයි.

    නිගමනය (Conclusion)
    හික්කඩුව රෝහණ විද්‍යාලයේ පැවති එන්නත්කරන වැඩපිළිවෙල අසාර්ථක බැව් පැවසීම සදහා එන්නත් නැවත රැගෙන ගෙන යන බවත්, එන්නත් card පත පුරවා එන්නත ලබා නොදුන් බවට අසත්‍ය ප්‍රකාශයක් කර රජය හා සෞඛ්‍ය අංශ අපහසුතාවයට පත් කිරීමට උත්සහ කර ඇත. මොහු එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණ සදහා ඉදිරිපත් වී වර්තමානයේ සමගි ජන බලවේග ක්‍රියාකාරිකයෙකු වශයෙන් කටයුතු කරන අතර, මෙමගින් එනත්කරන වැඩපිළිවෙල අඩපණ කිරීම හරහා දේශපාලන වාසි ලබා ගැනීම මොහුගේ අරමුණ විය හැක.

    https://www.facebook.com/109729831181456/posts/211276761026762/

    Latest News