ආදිවාසී ගම්මානයෙත් කොවිඩ්.....

අගෝ 29, 2021

    දඹාන ආදිවාසී ගම්මානයේ ඊයේ (28) දින සිදු කරන ලද ඇන්ටිජන් පරික්ෂාවෙන් එකසිය පහළොස් දෙනෙකුගෙන්, හතළිස් හතර දෙනෙකු කොවිඩ්-19 රෝගයට ගොදුරු වී ඇත.

    ඒ, අය අතර ආදිවාසී නායකතුමන්ගේ බිරිද හා සහෝදරයෙක්ද වේ. ඔහුගේ පවුලේ සාමාජික පවුල් කිහිපයක සාමාජිකයන්ද කොවිඩ් වැළදී ඇති බවට තහවුරු වීම හේතුවෙන් ඔවුන් නිවෙස් නිරෝධායනයට යොමු කර ඇති අතර, වකුගඩු රෝගයෙන් පීඩා විඳින ආදිවාසී නායකයාගේ බිරිද පමණක් මහියංගණ මුලික රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකය සදහා යොමු කර ඇත.

    Last modified on ඉරිදා, 29 අගෝස්තු 2021 12:17

    Latest News