චෛත්‍යයක නැඟ ඡායාරූප ගත් තවත් 02ක් අත්අඩංගුවට

පෙබ 14, 2019

    මිහින්තලේ රජමහා විහාරයේ පූජා භූමියේ නටඹුන් වූ පරිවාර චෛත්‍යයක් මත නැඟ ඡායාරූප ලබාගත් තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. 

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අද(17) දහවල් සිය භාරයට ගත් මෙම තරුණයින් දෙදෙනා පසුව මිහින්තලය පොලිස් ස්ථානය වෙත භාරදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

    අත්අඩංගුවට ගෙන ඇත්තේ 18 හැවිරිදි හා 20 හැවිරිදි තරුණයින් දෙදෙනෙක්.

    පුරවිද්‍යා පනතේ ප්‍රතිපාදන අනුව මොවුන් දෙදෙනා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට හෙට(15) ඉදිරිපත් කිරීමට නියමිතයි. මිහින්තලය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

    Latest News