ජනතාව කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලියට යොමු වෙයි

අගෝ 31, 2021

    රට පුරා ජනතාව කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලියට විශාල ලෙස යොමු වී සිටින බව, අප වාර්තාකරුවන් පවසයි.

    තරුණ පරපුර පවා ඊට වැඩි නැඹුරුවක් දක්වන බව වාර්තාවේ. ඉදිරි කන්නයේ වී ගොවිතැන ඉලක්ක කරගෙන කාබනික පොහොර කිලෝ 5,00ක් පමණ නිෂ්පාදනය කිරීමට අක්මීමන ලබුදූව ප්‍රදේශයේ තරුණ ගොවි මහතෙකු පියවර ගෙන තිබේ. ඔහු කාබනික පොහොර යොදාගෙන සාර්ථක වගාවන් ද, සිදුකර තිබේ.

    මේ සඳහා අවශ්‍ය උපදෙස් හා මඟ පෙන්වීම ලබුදූව ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් ලැබෙන බව ඔහු පවසයි. කාබනික පොහොර කිලෝ ලක්‍ෂ 10ක් නිෂ්පාදනය ඉලක්ක කරගෙන, වවුනියාව සිවිල් ආරක්‍ෂක බලකා භට පිරිස් ද කාබනික පොහොර ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. මීට සමගාමීව වවුනියාවේ අනෙකුත් සිවිල් ආරක්‍ෂක කලාපවල ද මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මකව පවතී.

    Latest News