උදේ 6.30 ට සීගිරියට එන්න

පෙබ 15, 2019

    සීගිරිය නැරඹීමේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ වේලාව අද (15) සිට උදෑසන 6.30 ට ආරම්භ කෙරේ.

    මධ්‍යම සංස්කෘතික අරමුදල මෙම තීරණය ගෙන තිබේ. සීගිරියට නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කරනු ලැබුවේ උදෑසන 7.00 සිට පස්වරු 5.00 දක්වා වූ කාලයේදීය.

    විදේශීය සංචාරකයින් ගේ ඉල්ලීම පරිදි මෙය වෙනස් කර තිබේ. ඒ අනුව, පස්වරු 5.00 දක්වා ප්‍රවේශපත්‍ර නිකුත් කෙරේ.

    සීගිරියේ සිට ඉර පායන දර්ශනය නැරඹීම සඳහා විදේශිකයින් දැඩි කැමැත්තක් දක්වන බව පැවසේ.

    Last modified on සිකුරාදා, 15 පෙබරවාරි 2019 08:44

    Latest News