කාබනික දියර පොහොර නිෂ්පාදනයේ ඉහළ ප්‍රගතියක්...

සැප් 01, 2021

    බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ "මිහි ලක්" කාබනික දියර පොහොර නිෂ්පාදනය ඉහළ ප්‍රගතියක් අත් කර ගෙන ඇත.

     

    ඉදිරියේදී තවත් පළාත් රැසක කාබනික දියර පොහොර නිෂ්පාදනාගාර ආරම්භ කිරීමට නියමිතයි. මීගමුව, පිටිපන ප්‍රදේශයේ පිහිටි බස්නාහිර පළාත් ජලජ ජීවි වගා මධ්‍යස්ථානය තුළ "මිහි ලක් දියර" පොහොර නිෂ්පාදනාගාරය ක්‍රියාත්මක වේ. මෙහි දෛනිකව කාබනික දියර පොහොර ලීටර් 5,000 ත් 10,000 ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරේ.  ශ්‍රී ලංකාවේ වගා කළ නොහැකි රතු දෙළුම් විශේෂයක් සඳහා ද කාබනික දියර පොහොර භාවිත කරමින් සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බව එහි නිළධාරින් ප්‍රකාශකර ඇත.

    Latest News