කාබනික දියර පොහොර හා ඝන පොහොර එකම ප්‍රමිතියකින් නිෂ්පාදනයට පියවර...(වීඩියෝ)

සැප් 05, 2021

    දිවයිනේ සියලුම ප්‍රදේශවල නිෂ්පාදනය කෙරෙන කාබනික දියර පොහොර හා ඝන පොහොර එකම ප්‍රමිතියකින් යුතුව නිෂ්පාදනයට පියවර ගෙන ඇති බව, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා පවසයි.

    ඒවා පොහොර සංස්ථා දෙක මගින් මිලදී ගෙන අවශ්‍ය පරිදි රට පුරා බෙදාහැරීමේ වැඩපිළිවෙළක් ද සකසා ඇති බව අමාත්‍යවරයා පවසයි. ඔහු ඊයේ හාලි ඇල කාබනික ඝන පොහොර හා දියර පොහොර නිෂ්පාදන මධ්‍යස්ථානය නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව මේ බව කියා සිටියේය.

    බස්නාහිර පළාත් සභාව, බස්නාහිර පළාත තුළ ගෙවතු දස දහසක් ආවරණය වන පරිදි පැල, බීජ හා දියර කාබනික පොහොර බෙදාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. මහරගම ගොඩිගමුව ප්‍රදේශයේ ජනතාවට පසුගියදා පැල බීජ හා පොහොර ප්‍රදානය කෙරිණ.

    රඹුක්කන මිරිහාගොඩ පදිංචි එස්.එම්. ටිකිරි බණ්ඩාර මහතා කාබනික පොහොර භාවිතා කර සාර්ථක එළවළු ගොවිපොළක් පවත්වාගෙන යයි. තමා විසින්ම සකස් කරනු ලැබූ යන්ත්‍රයක් මගින් කාබනික පොහොර නිෂ්පාදනය කර ගැනීම විශේෂත්වයක්.

    Last modified on ඉරිදා, 05 සැප්තැම්බර් 2021 18:55

    Latest News